මට විශ්වාස හමුදාපතිතුමා මිස රිෂාඩ් නෙමේ! රිෂාඩ් ඇමති ධුරයකට නෙමේ මන්ත්‍රී ධුරයකටත් සුදුසු නෑ! – ඇමති වසන්ත සේනානායක

May 31, 2019 at 1:28 pm | by admin

තමන්ගේ හෘද සාක්ෂිය අනුව ඇත්ත කියන්නේ රිෂාඩ් බදියුදීන් නොව හමුදාපතිතුමා බවත් තමා විශ්වාසභංගයේදී ඡන්දය පාවිච්චි කරන්නේ ඒ අනුව බවත් ඇමති වසන්ත සේනානායක පවසයි.

“පාර්ලිමේන්තුවෙන් අයින් කරනවා කියන්නේ ලොකු පියවරක්. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හෘද සාක්ෂියෙන් තමයි අහන්න ඕනි මේ මිනිහා ගැන විශ්වාසයක් අපිට තියනවාද නැද්ද. මට නම් විශ්වාසය තියෙන්නේ හමුදාපති ගැන. පාර්ලිමේන්තු කමිටුවක් දාලා විහිලුවක් කරන එක නෙමෙයි, කමිටු අපි දාලා දාලා මිනිස්සුන්ටත් ඔය කමිටු ගැන විශ්වාසයක් නැහැ.”

“රිෂාඩ් බදියුදීන්ද හමුදාපතිතුමාද ඇත්ත කියන්නේ කියලා මගේ හෘද සාක්ෂියේ හැටියට හමුදාපති තුමා තමයි ඇත්ත කියන්නේ කියලා හිතනවා මෙතන. මම ඒ අනුව තමයි මට ඡන්දේ දෙන්න වෙන්නේ. මම හිතන්නේ මන්ත්‍රීවරයෙක් හැටියට ඉන්න එක එයාට නුසුදුසුයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස