මට මහින්දට තොත්තුවක් දෙන්න හිතෙනවා! – ඇමති මංගල

April 9, 2019 at 5:05 pm | by admin

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂට තොත්තුවක් ලබා දීමට සිතෙන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පාර්ලිමේන්තුවේ දී පවසා තිබේ.

තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට පා තැබූ දා සිටම මහින්ද රාජපක්ෂ සමඟ ඉතා සමීප හිතවත්කමක් පැවති බව මුදල් අමාත්‍යවරයා සිහිපත් කරයි.

මංගල සමරවීර විපක්ෂය දෙසට ඇගිල්ල දිගු කරමින් පැවසූයේ මහින්ද රාජපක්ෂට මෙවන් පිරිසකට වර්තමානයේදී නායකත්වය සැපයීමට සිදුවීම සම්බන්ධයෙන් තමන් කණගාටුවට පත්වන බවය.

අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කර ඇත්තේ අයවැය විවාදය අතරතුරුය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස