අද වන විට රටේ ජනතාව කොරෝනා උවදුරට වඩා ජීවන බර නැමැති උවදුරෙන් පීඩා විඳින බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ පවසයි.
එම ජීවන බරින් ජනතාව මුදා ගැනීමට ලංකා සම සමාජ පක්ෂය විසින් ආණ්ඩුවට අයවැය යෝජනාවලියක් ලබා දුන්නත් ඒ කිසිවක් අයවැය ලේඛනයට ඇතුලත් කර නොමැති බව තිස්ස විතාරණ සඳහන් කරයි.
ඒ නිසාවෙන් ඉදිරිපත් වී ඇති අයවැය යෝජනා වෙන් ජනතාව තව තවත් පීඩනයට ලක්වන බව හෙතෙම සඳහන් කරයි.
තමාට කැබිනට් අමාත්‍ය ධුරයක් ලබා දෙන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පොරොන්දු වූ නිසා තමන් ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වී පාර්ලිමේන්තුවට පැමිණි බව ද මහාචාර්ය තිස්ස විතාරණ හෙළි කරයි.
නමුත් තමන්ට ලබාදුන් පොරොන්දුව මේ වන විට ආණ්ඩුව කඩ කර ඇති බව පෙන්වා දෙන තිස්ස විතාරණ තමා දේශපාලන කලකිරීමකට ලක්ව ඇති බව පවසයි.
ඒ අනුව තමා ඉදිරියේ දී දේශපාලන තීන්දුවක් ගැනීමට නියමිත බව ද මහාචාර්ය තිස්ස විතාරණ සඳහන් කරයි.