මට තෙල් මිල අඩු කරන්න බෑ….! ජනාධිපතිතුමා තීන්දුවක් ගනීවි…..! – බැසිල්….

July 10, 2021 at 8:29 am | by emanisa.lk

බැසිල් රාජපක්ෂ සිටියේ නම් තෙල් මිල ඉහළ නොයනු ඇතැයි පැවසීම වැසි වැස්සොත් ගඟ ගලාවි වැනි ප්‍රකාශයක් බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසයි.

ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ, පසුගිය දා ඛනිජ තෙල් මිල ඉහළ යාමත් සමඟ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී පිරිසක් විසින් බැසිල් රාජපක්ෂ සිටියේ නම් මිල ඉහළ නොදමනු ඇති බවට සිදුකළ ප්‍රකාශ සම්බන්ධයෙන් මාධ්‍ය විමසූ අවස්ථාවේ ය.

සමස්ත ආර්ථිකය පිළිබඳ තක්සේරුවකින් පසු තෙල් මිල සම්බන්ධයෙන් ජනාධිපතිවරයා තීන්දුවක් ගනු ඇතැයි ද බැසිල් රාජපක්ෂ වැඩි දුරටත් ප්‍රකාශ කළේ ය.

ඊයේ (10) බෙල්ලන්විල රජමහ විහාරයට පැමිණ ආගමික වතාවත්වල නියැලීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *