තමා ජනාධිපති ධූරය සඳහා පත් වුවහොත් අල්ලස් කොමිසම සහ නීතිපති දෙපාර්තමේන්තුව ඉවත් කරගත් නඩු යළි පවරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක පවසයි.
ඔහු අවධාරණය කළේ, සියලු දූෂණ වංචා පිළිබඳ පිළිබඳ විමර්ශන කඩිනම් කර නඩු පවරා සොරා කෑ මහජන දේපළ නැවත පවරා ගන්නා බවයි.
කෙසේ වුව ද තමා ඉදිරිපත් කර ඇති වැඩපිළිවෙළ අවසානයේ තමන්ට එරෙහි වනු ඇතැයි ද අනුර දිසානායක සඳහන් කළේය.
පාර්ලිමේන්තුවේ යථාර්ථය තමා දන්නා නමුත් මෙහිදී තමා පොදුජන අභිලාෂ නියෝජනය කරන බවයි, ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේ.
පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අනුර දිසානායක මේ බව සඳහන් කළේය.