කොරෝනා හැදිලා හරි මං මැරෙන කල් බලා ඉන්න තුච්ඡයෝ රටේ ඉන්නවා! – රාජිත

April 4, 2020 at 8:49 am | by emanisa.lk

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න සිය ෆේස්බුක් පිටුවට එකතු කර ඇති සටහනක් පහත දැක්වෙයි.

තවත් මිනිසෙකුගේ මරණය ප්‍රාර්ථනා කරමින්,
සතුටු වීමට තරම් තුච්ඡයන් බිහිකළ
පක්ෂ දේශපාලනය,
කොරෝනා වෛරසයට දෙවැනි නැත!
*********

සමාජ ජාල වල සැරිසරන
ව්‍යාජ ප්‍රවෘතියක් නිසා,
ඊයේ දිනයේ සිට
මාගේ සුව දුක් විමසමින් ලැබෙන ඇමතුම් සියල්ලට
වෙන් වෙන්ව පිලිතුරු දීමට නොහැකි වීම නිසා,
ඔවුන්ගෙත්
මට හිතවත්
සියලු ජනතාවගේත් දැනගැනීම පිණිස
මෙම සටහන ලියමි.

මම
යහපත් සෞඛ්‍ය තත්වයෙන්,
නිරෝගි සුවයෙන් පසුවෙමි.
කොරෝනා පිලිබඳ අවදානම සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා රටට දැනුම් දුන්
දිනයේ සිට,
නියමිත සෞඛ්‍ය උපදෙස් පිලිපදිමින්
සමාජ දුරස්ථභාවය පවත්වා ගනිමින්,
එහෙත් හැකි අයුරින් මාගේ ජනතාවට උදව් උපකාර කරමින්
කාලය ගත කරමි.

කොරෝනා ආසාධිත පුද්ගලයෙකු මා හමුවීමට පැමිණි බවත්, ඒ හේතුවෙන්
මා හට කොරෝනා වැලඳුණු බවටත් දක්වමින් ව්‍යාජ පුවතක්
පතුරමින් සිටින පිරිසට එරෙහිව
නීතිය ඉදිරියට යාමට අවශ්‍ය පියවර
මා ගනිමින් සිටින අතර දැනටමත් පරීක්ෂණ අංශ වෙත පැමිණිලි කර ඇත.
මෙතැන් සිට එය,
රටේ නීතිය ක්‍රියාත්මක කරන
අංශ වලට භාර කරුණකි.

මීට වසර තුනකට පෙර,
ගෞරවණීය මාදුළුවාවේ සෝභිත හිමියන් අපවත් වූ අවස්ථාවේ
“රොටිය කරවුණා” යැයි කියමින්,
අපවත් වූ නාහිමිපාණන් නමකටද අපහාස කළ, අපගේ ප්‍රතිවාදි කඳවුරේ වහලුන්,
මා ගැන මෙවැනි
ව්‍යාජ පුවතක් පැතිරවීම ගැන
මට දේශපාලනිකව පුදුමයක් නැත.

මෙවැනි ප්‍රතිවාදීන්ගේ වෛරයට ලක්වීම තරම්, අප තෝරාගත් දේශපාලනය නිවැරදි එකක් බවට පෙන්වීමට තවත් සාක්ෂි ද
අවශ්‍ය නැත!

– රාජිත සේනාරත්න

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස