මට කරදර කරන්නේ සංඝ කල්ලියක්! වැරදි මිනිහා ගාව ගත්තේ! හැප්පිල බලමු! – මංගල

May 15, 2020 at 11:45 pm | by emanisa.lk

සරණාගත කඳවුරුවල සිටි ජනතාව උතුරේ ඡන්ද පොළ වෙත රැගෙන යාමට රජයේ මුදල් යොදවා ගැනීමට තමා අනුමැතිය දුන් බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසයි.

එසේ මුදල් ලබා දීමට හැකි වීම පිළිබඳ තමන් සතුටු වන බවත් අවස්ථාව ලැබුණොත් නැවතත් මුදල් ලබා දෙන බවත් ඔහු පවසයි.

තමන්ට මෙවැනි චෝදනා කරමින් කරදර කරන්නේ සංඝයා වහන්සේලාගෙන් නොව එක්තරා සංඝ කල්ලියකින් බවටත් හෙතෙම චෝදනා කළේය.

රිෂාඩ් බදියුදීන් දඩයම් කිරීමේ කුමන්ත්‍රණයේ එක් කොටසක් ලෙස තමන් මේ සඳහා ඇඳා ගෙන ඇති බවත් ඒ සඳහා ගාවගත්තේ වැරදි මිනිහා බවත් මංගල සමරවී අවධාරණය කරයි.

ඊයේ (14) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දී බැහැර යන අවස්ථාවේ ඔහු මාධ්‍ය වෙත මෙසේ ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස