ඇමැතිකමක් නැතිව මම කලකිරීමෙන්…! මට ඇමැති ධූරයක් හිමි විය යුතුයි..! – පොහොට්ටු මන්ත්‍රී මාධ්‍ය කැඳවයි..

October 9, 2021 at 4:56 pm | by emanisa.lk

තමන්ට යම් කිසි අමාත්‍ය ධූරයක් හිමි විය යුතු යැයි තමන් විශ්වාස කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ දිසානායක සඳහන් කරයි.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව රැකීමටත් තමා සැමදා කටයුතු කළ බව ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.

තමන් හැමදාම පක්ෂයත් නායකයත් රකින පුද්ගලයෙක් බවත් එනිසා තමන්ට යම් තනතුරක් හිමිවිය යුතු බවත් පැවසූ ඔහු පවතින තත්ත්වය මත ඒවා කෙසේ විසඳේවි දැයි නොදන්නා බවද පැවසීය.

මෙම තත්ත්වයන් නිසා ඇතැම් විට කලකිරීමක් ඇති වන බවත් මන්ත‍්‍රීවරයා එහි දී තව දුරටත් කියා සිටියේය.්‍

ඔහු මේ බව කියා සිටියේ මාතලේ පිහිටි තම කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *