තමාට පලවෙනි වසරේ මැහුම් ඉගැන්වූ ගුරුතුමිය ඉඳිකට්ටක් ගෙන නො ආ නිසා තමන්ට පහර දුන් බව අගමැතිනි හරිනි අමරසූරිය පවසයි.
එම පහර දීම නිසා තමන්ට මැහුම් කලාව එපා වූ බව ද අගමැතිනිය සඳහන් කරයි.
එහි ප්‍රතිඵලය ලෙස තමන්ට මැහුම් බැරි බවත් බොත්තමක් මසා ගැනීමට පවා නොහැකි බවත් ඇය අවධාරණය කරයි.
එසේ ම අද තමා සිටින තත්ත්වයට එන්නට උදව් කළ ගුරුවරුන් ද තමන්ට හොඳට මතක බව හරිනි අමරසූරිය ප්‍රකාශ කළේ, උත්සව සභාවක් අමතමිනි.