මටයි රනිල්ටයි හොරු කියන අය කබීර්ට හොරා නොකියන්නේ ඇයි…? – රවී කරුණානායක…

August 16, 2021 at 7:48 am | by emanisa.lk

මහ බැංකු හොරකම පිළිබඳ රනිල් වික්‍රමසිංහට, අර්ජුන් ඇලෝසියස්ට සහ තමන්ට චෝදනා කරන පිරිස එවක විෂය භාර අමාත්‍ය කබීර් හෂීම්ට චෝදනා නොකරන්නේ මන්දැයි රවී කරුණානායක ප්‍රශ්න කර තිබේ.

කබීර් හෂීම් සමගි ජන බලවේගය සමඟ මේ වන විට කටයුතු කරයි.

පසුගියදා පැවැති එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල හමුවේ දී ඔහු මෙලෙස චෝදනා කර තිබේ.

යහපාලන ආණ්ඩුව සිදුකළ සේවය පිළිබඳ ප්‍රචාරයක් නොදුන් බවත් තනි තනි පෞද්ගලික ප්‍රචාරක ව්‍යාපෘති පමණක් දියත් වූ බවත් රවී කරුණානායක පවසා ඇත.

අද තමා මෙන් ම රනිල් වික්‍රමසිංහ ද තනි වී ඇති බවත් වර්තමාන මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ පිළිබඳ එජාපය කිසිදු විවේචනයක් නොකළ බවත් සඳහන් කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *