මගේ සුවිශාල සේවය නිසා ශ්‍රීලනිපය දිගටම අවු. 23ක් ආණ්ඩු කළා…! දැන් ශ්‍රීලනිපය මතක් වෙද්දි උදේට නැගිටින්න හිතෙන්නේ නෑ…! – චන්ද්‍රිකා…

September 2, 2021 at 3:16 pm | by emanisa.lk

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරීමට තමා සිදුකළ සුවිශාල කාර්යභාරය නිසා 17 අවුරුද්දක් ගුටිකමින් සිටි ශ්‍රීලනිපයට අවුරුදු 23ක් අඛණ්ඩව රට පාලනය කිරීමේ අවස්ථාව ලැබුණු බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග පවසයි.

කෙසේ වුව ද මේ වන විට ශ්‍රීලනිපයට අත්ව ඇති ඉරණම පිළිබඳ විශාල කනගාටුවක් ඇති වන බවත් උදෑසන ඇඳෙන් නැඟිටීමට පවා නොහිතෙන බවත් ඇය අනාවරණය කරයි.

2004 දේශපාලනයෙන් විශ්‍රාම ගිය තමන් 2015 නැවත දේශපාලනයට පැමිණි එම ආණ්ඩුව පරාජයට පත් කළේ රටත් පක්ෂයත් නැවත ගලවා ගැනීමට බවත් චන්ද්‍රිකා කුමාරතුංග පෙන්වා දෙයි. එහි දී තමන් එජාපයට නොගිය බවත් තමන් ගොඩනැඟූ සන්ධානය තුළ එජාපයත් සිටි බවත් හිටපු ජනාධිපතිනිය අවධාරණය කරයි.

මහින්ද රාජපක්ෂ කුඩුකාරයින්, කැසිනෝකාරයින්, කසිප්පුකාරයින් පක්ෂයට ගෙනැවිත් නිර්මල බණ්ඩාරනායක ප්‍රතිපත්ති පාවාදෙමින් කටයුතු කළ බවටත් චන්ද්‍රිකා කුමාරතුංග චෝදනා කරයි. තමා විසින් 2015 ජයග්‍රහණය කරවූ මෛත්‍රීපාල සිරිසේන එම ජයග්‍රහණය පාවා දුන් බවත් තමා පක්ෂයෙන් කොන්කළ බවත් ඇය අනාවරණය කළාය.

කෙසේ වුවද කිසිදා ශ්‍රීලනිපය මරා දැමිය නොහැකි බවත් එය නැවත නැඟී සිටිනු ඇති බවත් ඇය වැඩි දුරටත් සඳහන් කරයි. ශ්‍රීලනිපයේ 71ක් වන සංවත්සරය වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඇය මේ බව ප්‍රකාශ කළාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස