මගේ සංගීත ගුරුවරයාත් ආචාර්යවරයාත් සුනිල් පෙරේරායි…! ඔහුගේ ශිෂ්‍යයෙක් වීම මට ආඩම්බරයක්…! – සජිත්…

September 6, 2021 at 4:20 pm | by emanisa.lk

ජනප්‍රිය ගායක සුනිල් පෙරේරාගේ අභාවය පිළිබඳ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ශෝකය පළකර තිබේ.

විපක්ෂ නායකවරයා සිය ට්විටර් ගිණුමේ තබා ඇති සටහනක් මෙසේ ය.

“ශ්‍රී ලංකාවේ සංගීත ඉතිහාසයේ නූතන විප්ලවයකට පුරෝගාමී වූ සුනිල් පෙරේරා මහතාගේ හදිසි අභාවය පිළිබඳ කණගාටුවට හා කම්පාවට පත් වීමි.

සංගීත ක්ෂේත්‍රයේ ඔහු මගේ ගුරුවරයා සහ ආචාර්යවරයාද වූ අතර එවැනි අද්විතීය හා දක්ෂ පෞරුෂයක් සමඟ සම්බන්ධ වීමට හැකිවීම පිළිබඳ ආඩම්බර වෙමි.

ඔහුගේ අභාවය සංගීත ක්ෂේත්‍රයේ සහෘදයනට, ජනතාවට සහ අපේ රටටද අප්‍රමාණ පාඩුවක් වන අතර, ඔහු සමාදානයේ සැතපේවායි පතමි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස