මගේ බලාපොරොත්තු දෙකම ඉෂ්ට වුණා…! රාජ්‍ය පාලනයෙන් ඉවත් වෙනවා..! – බැසිල්…

June 9, 2022 at 12:20 pm | by emanisa.lk

තමා 2015 ඇමරිකාවේ සිට ලංකාවට පැමිණියේ බලාපොරොත්තු දෙකක් ඇතිව බවත් මේ වන විට ඒවා සම්පූර්ණ කර ගෙන අවසන් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසයි.

ඒ පසුගිය යහපාලන ආණ්ඩුව තමන්ට එරෙහිව පැවරූ නඩුවලින් නිදහස් වීමට සහ තමා නිසා පරාජයට පත්වූ බව කී මහින්ද රාජපක්ෂ නැවත බලයට ගෙන ඒම බවයි, ඔහු සඳහන් කළේ.

මේ වන විට එම බලාපොරොත්තු දෙක ම ඉටු වී අවසන් බවත් අධිකරණය පසුගියදා තමන්ට එරෙහි නඩුවෙන් තමා නිදොස් කොට නිදහස් කළ බවත් බැසිල් රාජපක්ෂ සඳහන් කළේය.

පාර්ලිමේන්තුවට පැමිණීමට හෝ ඇමැති ධූර භාර ගැනීමට ඒ අවස්ථාවේ කිසිදු බලාපොරොත්තුවක් නොතිබූ බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

තමා මෙතැන් සිට රාජ්‍ය පාලන කටයුතුවලින් සම්පූර්ණයෙන් ඉවත් වන බවත් තමන් සමග සිටින කණ්ඩායම වෙනුවෙන් ඉදිරියටත් දේශපාලනයෙහි නිරත වන බවත් ඔහු අවධාරණය කළේය.

බැසිල් රාජපක්ෂ සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය අද (09) පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට භාර දීමෙන් අනතුරුව භාරදීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවක දී මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *