මගේ පියා ඝාතනය වුණේ ඔබට එරෙහිව කතා කළ නිසයි…! මේ රටේ වහල්ලු දුමින්ද මහ ඇමති කළත් පුදුම වෙන්නෑ…! – දුමින්දට සමාව දීමට එරෙහිව හිරුණිකාගෙන් ජනපතිට සැර ලිපියක්….

June 24, 2021 at 11:08 pm | by emanisa.lk

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායකට ජනාධිපති සමාව ලබා දීම පිළිබඳ විරෝධය පළකරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමු කර තිබේ.

මේ රටේ ඉන්නේ ස්වාමියා දක්කන දේශපාලන වහල්ලු පිරිසක් බවත් දුමින්ද සිල්වා අනාගතයේ බස්නාහිර මහ ඇමැති වුවත් තමා පුදුම නොවන බවත් හිරුණිකා එමගින් පෙන්වා දෙයි.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර වන තම පියා ඝාතනය වන්නට දින කිහිපයකට පෙර එවක ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ ක්‍රියා කලාපය ප්‍රසිද්ධ වේදිකාවේ විවේචනය කළ බවත් එම වචන කිහිපය ඔහුගේ මරණයට හේතු වන්නට ඇතැයි තමා විශ්වාස කරන බවත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස