මගේ පියාණන් මට දේශපාලනය තහනම් කළා… මා ගේන්න කී පුද්ගලයත් පක්ෂෙන් පැන්නුවා…! – සජිත්…

August 13, 2024 at 4:14 pm | by emanisa.lk

පියා ජීවතුන් අතර සිටිය දී තමන්ට දේශපාලනය තහනම් කොට තිබූ බවත් පවුල් දේශපාලනයට තමන් විරුද්ධ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

පුතා දේශපාලනයට ගෙන එන්න යැයි යෝජනා කළ එජාපයේ ප්‍රබල ක්‍රියාකාරිකයෙකුගේ පක්ෂ සාමාජිකත්වය පවා අහෝසි කිරීමට සිය පියා කටයුතු කළ බවයි, විපක්ෂ නායකවරයා අනාවරණය කළේ.

තමා දේශපාලන පවුලකින් පැවත ආව ද ඒ පිළිබඳ කිසිදු අධිතක්සේරුවක් උද්දච්චකමක් නොමැති බවත් සමහරු තමන් නිහතමානී වැඩි බවත් තව ටිකක් පොෂ් විය යුතු බවත් ප්‍රකාශ කරන බව ද සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කරයි.

එක්සත් සියවස් පෙරමුණ සමග සාකච්ඡාවකට එකතු වෙමින් අද (13) සජිත් ප්‍රේමදාස මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *