සිය සහෝදරයා තම නම විකුණමින් වංචනික ක්‍රියාවල නිරත වී ඇතැයි හිටපු විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර පවසයි.
එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ දී තමන්ට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ජනමාධ්‍ය වෙත අදහස් පළකරමින් හෙතෙම මේ බව කීය.
“අපි හැමදේම හොයලා බලලා කරලා තියෙන්නේ. මගේ මල්ලි ගැන පැමිණිල්ල කළෙත් මමයි. දැන් බොරුවට මට මඩ ගහනවා.
ආණ්ඩුව කියපු දේවල් කරගන්න බැරුව ඉන්නේ. සහෝදරයොත් ඉන්නවා. හැම දෙනාම අතේ ඇඟිලි පහ වගේ වෙනස්. ඔය සිද්ධිය ගැන ඒ කාලෙම අපි පැමිණිලි කරලා තිබුණේ. මගේ නම විකුණලා සල්ලි ගත්ත අය ගොඩක් ඉන්නවා.
මගේ සහෝදරයත් ඒ එක්කෙනෙක්. හැමදේම ගැන හොයලා බලලා වැරදි කාරයින්ට දඬුවම් කරන්න. මම ගෙනාපු කෝටා එක ගැන දැන් බොරු කියනවා. මම මහන්සි වෙලා ගෙනාව එකක්. ඒවා නියමානුකූල ගිවිසුම්වලින් තමයි කරලා තියෙන්නේ.”