මගේ දුව ගිනි තියා ගත්තේ නෑ….! ගිනි තියල මැරුවා…! – රිෂාඩ්ගේ නිවසේ ඝාතනය වූ තරුණියගේ මාපියන් මාධ්‍ය හමුවක…

July 20, 2021 at 10:44 pm | by emanisa.lk

සිය දියණිය ගින්නට දැඩි ලෙස බය බවත් කිසි දිනක ඈ සිය සිරුරට ගිනි තබා නොගන්නා බවත් රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ ගිනි ඇවිළී මිය ගිය 16 හැවිරිදි බාල වයස්කාරියක වන හිෂාලිනීගේ පියා ප්‍රකාශ කරයි.

මෙය කිසිවෙකු විසින් සිදුකරන ලද ගිනි තැබීමක් සහ ඝාතනයක් බවට ඔහු චෝදනා කළේ ය.

ඇගේ මව සඳහන් කළේ නිවසේ සිටින වැඩකාර තරුණයා තමන්ට කොසු මිටෙන් පවා පහර දෙන බවත් එහෙයින් ගෙදර කැඳවා ගෙන යන ලෙස ඉල්ලා සිටි බවත් ය.

අද (20) පස්වරුවේ මහනුවර දී මාධ්‍ය හමුවක් පවත්වමින් හිෂාලිනීගේ මාපියෝ මේ බව ප්‍රකාශ කළහ.

මරණ පරික්ෂණයේ දී අනාවරණය වී ඇත්තේ දැරිය දිගින් දිගට ම දූෂණයට ලක්ව ඇති බව ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *