මගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයට MCC ගිවිසුම ගහලා අපි ද්‍රෝහීන් කරලා! රුවන්වැලි සෑය ඉදිරියේ MCC ගිවිසුම ඉරලා දාන්න මම සූදානම්! – සජිත්

December 29, 2019 at 11:00 am | by emanisa.lk

ජනවාරි 3 වැනිදා විපක්ෂ නායක ධූරය පාර්ලිමේන්තුව තුළදි තමාට නිල වශයෙන් ලැබෙන තුරු ඒ පිළිබඳව තමාට විශ්වාසයක් නොමැති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, අනුරාධපුර තලාව ප්‍රදේශයේ ඊයේ (28) පැවති ජනහමුවකට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

“මේ රටේ අතිමහත් බහුතරය පුන පුනාම කිව්වා, රටට අහිතකර ගිවිසුම් අත්සන් කරන්න එපා කියලා. මගේ මැතිවරණ ව්‍යාපාරයේම මේ ගිවිසුම ගෙනල්ලා ගැහුවා. ඒ තරම්ම දක්ෂ අන්දමින් මගේ මැතිවරණ ව්‍යාපාරයට උදවු කරන කණ්ඩායමකුත් හිටියා.

රටම කියනකොට රටට අහිතකර ගිවිසුම් එපා කියලා, ජනතා හඬට මුල් තැන නොදී දරදඬුකම ඉස්මතු වුණා. අවසානයේ අපිව කෙලින්ම දේශද්‍රෝහීන්ගේ ගොඩට දැම්මා මේ MCC ගිවිසුම නිසා..

මම යෝජිත විපක්ෂ නායකවරයා විදිහට MCC ඇතුළු ගිවිසුම් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ, රුවන්වැලි සෑය ඉදිරිපිට කෑලි කෑලිවලට ඉරලා දාන්න සහයෝගය දෙනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස