මගේ ඖෂධයෙන් කොවිඩ් රෝගීන් 10, 000කගේ ජීවිත බේරුවා….! කොවිඩ් වැළඳුණොත් කෝටි 04ක් ගෙවල පෙනහලු බද්ධයක් කරගන්න වෙනවා…! මහින්ද කියලත් සුදර්ශනී බෙහෙතට අනුග්‍රහයක් දුන්නේ නෑ….! – කරාපිටියේ කරලේ නිර්මාතෘ….

August 14, 2021 at 10:40 pm | by emanisa.lk

කොවිඩ් රෝගය සුවපත් කිරීම සඳහා තමා නිෂ්පාදනය කළ ඖෂධය සඳහා අවසර ලබා දුන්නේ නම් ජීවිත විශාල ප්‍රමාණයක් බේරාගත හැකිව තිබූ බව කරාපිටිය රෝහලේ වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන පවසයි.

තමා මෙම ඖෂධය නිෂ්පාදනය කරන විට රටේ කොවිඩ් මරණ සිදුව තිබුණේ 300ක් පමණක් බවත් මේ වන විට මරණ 5000 ඉක්මවා ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

මේ වන විටත් බටහිර වෛද්‍යවරුන් 100ක් ඇතුළු 10, 000ක් පමණ සිය ඖෂධය පානය කර දිවි බේරාගෙන ඇති බවත් අවශ්‍ය අයෙකුට අදාළ තොරතුරු ලබා දීමට සූදානම් බවත් ඔහු සඳහන් කරයි.

අගමැති මහින්ද රාජපක්ෂ සිය ඖෂධය පිළිබඳ සොයා බලන ලෙස රාජ්‍ය ඇමැතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේට දැනුම් දුන්න ද ඈ ඒ පිළිබඳ කිසිවක් නොකළ බවත් හෙතෙම කීය.

කොවිඩ් ආසාදනය වූ අයෙකුට අනාගතයේ පෙනහලු බද්ධයක් සිදුකිරීමට සිදුවිය හැකි බවත් එ් සඳහා රු. කෝටි 04ක් වැනි මුදල් උවමනා බවත් වෛද්‍ය ගුණවර්ධන හෙළි කරයි.

තම ඖෂධය වෙනුවෙන් ඕනෑ ම අභියෝගයකට මුහුණ දීමට සූදානම් බවත් ඕනෑ ම පුද්ගලයෙකු සමඟ ප්‍රසිද්ධ විවාදයකට සූදානම් බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස