මගේ ඖෂධයට මාසයක් දෙන්න…! කොවිඩ් මරණ අඩු කර රට ගොඩ ගන්නම්…! – කරාපිටියේ කරල තැනූ විද්‍යාඥයා ජනපතිගෙන් ඉල්ලයි…

August 31, 2021 at 6:45 pm | by emanisa.lk

තම සොහොයුරා ඇතුළු පිරිසක් සමඟ එකතු වී නිර්මාණය කළ කරාපිටියේ කරල නමින් ප්‍රසිද්ධ පෙත්ත මගින් කොවිඩ් මරණ අඩුකර ගත හැකි බව රසායන විද්‍යාඥ, ආචාර්ය නන්ද ගුණවර්ධන පවසයි.

තම කරල මාසයක් ජනතාවට බෙදා හැරීම සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන්නේ නම් කොවිඩ් මරණ අඩුකර පෙන්වීමට සූදානම් බව ඔහු අවධාරණය කරයි.

මේ වන විටත් තම ඖෂධය සඳහා පේටන්ට් බලපත්‍රය ගෙන අවසන් බවත් ආචාර්ය ගුණවර්ධන ප්‍රකාශ කරයි.

මේ වන විට සිය ඖෂධය ලබා ගත් 10, 000ක් පමණ සුවය ලබා ඇති බවත් කිසිවෙකු ඔසුවෙහි වරදක් නොකී බවත් ආචාර්ය නන්ද ගුණවර්ධන අවධාරණය කරයි.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස