මගේ එන්නතත් ජනතාවට පරිත්‍යාග කරනවා…! සමස්ත ජනතාවට ඉක්මනින් එන්නත් දෙන්න මම කටයුතු කරනවා…! – සජිත්..

June 11, 2021 at 4:36 pm | by emanisa.lk

තමාටත් බිරිඳටත් කොවිඩ් වෛරසය ආසාදනය වීමට එක් හේතුවක් වුයේ, කොවිඩ් එන්නත ප්‍රතික්ෂේප කිරීම බව විපක්ෂ නායක, සජිත් ප්‍රේමදාස පවසයි.

තමා එන්නත ලබා ගැනීමට පෙර රටේ ජනතාවට එන්නත ලබාදිය යුතුයි යන ප්‍රතිපත්තියේ සිට තමා තව දුරටත් කටයුතු කරන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

“මේ රටේ සියලු ම ජනතාව අංග සම්පූර්ණව ඒ සෞඛ්‍ය උපදෙස් මත එන්නත්කරණයට ලක්වන තුරු මම මේ රටේ මහජන සේවකයෙක් හැටියට එන්නත ලබාගැනීමට බලාපොරොත්තු වෙන්නේ නෑ.

මගේ එන්නත මම පරිත්‍යාග කරනවා මේ රටේ ජනතාවට. රට තුළ ජීවත්වන ලක්ෂ 220කගේ සෞඛ්‍ය සම්පන්නභාවය, ඒ අයගේ ආයු කාලය අපිට වැදගත් වෙනවා අපේ පුද්ගලික සෞභාග්‍ය වෙනුවට.

මේ රටේ ජනතාවට මම දෙන පණිවුඩය තමයි අපි ඉතාමත් ඉක්මනින් එන්නත් ලබාදීලා එන්නත තුළින් මේ රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂාව තහවුරු කරන තෙක් අපේ මාතෘ භූමියට ගෙන්වා ගත හැකි උපරිම එන්නත් ප්‍රමාණය ගෙන්වා ගෙන උපරිම ලෙස එය ව්‍යාප්ත කරනවා.“

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *