මගේ ආණ්ඩුවක් යටතේ ගම හදන වැඩේ ග්‍රාම නිලධාරීන්ට භාර දෙනවා…! – සජිත්…

November 24, 2021 at 8:46 am | by emanisalk

ගම හදා රට හදන මෙහෙවරේ ග්‍රාම නිලධාරින්ට ප්‍රමුඛ වගකීමක් පවරන්නට සමගි ජන බලවේග ආණ්ඩුවක් තුළ කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

ඊයේ (23) පස්වරුවේ විපක්ෂ නායක කාර්යාලයේ දී ග්‍රාම සේවා නිලධාරීන් පිරිසක් හමු වූ විපක්ෂ නායකතුමා මේ බව පැවසීය.

ජාතික සංවර්ධන ක්‍රියාවලිය තුළ ග්‍රාම නිලධාරීන් විශාල මෙහෙවරක් ඉටු කරන බවත්, ඔවුන්ගේ දායකත්වය තුළින් රට ගොඩනැගීම වඩාත් සක්‍රීය කිරීමට සමගි ජන බලවේගය කටයුතු කරන බවත් විපක්ෂ නායකතුමා එහි දී පැවසීය.

ඔවුන්ගේ වෘත්තිය ගරුත්වය සුරක්ෂිත කොට වඩාත් අභිමානවත් වැඩපිළිවෙළක් උදෙසා ග්‍රාම නිලධාරීන්ගේ සේවය විධිමත් කළයුතු බව පැවසූ විපක්ෂ නායකතුමා, ඉතිහාසයේත් වර්තමානයේත් ග්‍රාමනිලධාරින් කළ සහ කරමින් සිටින සේවය ඉහළින්ම ඇගයීමට ලක්කළ යුතු බව ද කීය.

  •   
  •   


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස