මගී ජීවිත මකර කටෙ.. බීමත් රියදුරා දුම්රිය මහනුවර අරන් ගිහින්…!

June 30, 2024 at 6:58 pm | by emanisa.lk

අද (30) කොළඹ සිට මහනුවර බලා පෙ.ව. 10.40ට ධාවනය ආරම්භ වූ දුම්රියේ රියදුරා අධික ලෙස මත්පැන් පානය කර කලබලකාරී ලෙස හැසිරී තිබේ.

ඔහු මහනුවර නගරයට ආසන්න සුදුහුම්පොල පෙදෙසේ ස්ථානයක දුම්රිය නවතා ඉන් බැස පළායද්දී දුම්රියේ සිටි මගීන් ඔහුව ලුහුබැඳ ගොස් අල්ලාගෙන සහායක රියදුරා යොදවා දුම්රිය නුවර දුම්රිය ස්ථානයට තෙක් ධාවනය කර තිබේ.

පසුව එම බීමත් රියදුරාව දුම්රිය ප්‍රවාහන පරීක්ෂක නිලධාරියා මාර්ගයෙන් දුම්රිය ආරක්ෂක අංශයට භාරදීමට පියවර ගනු ලැබීය. මෙම ප්‍රමාදය නිසා ප.ව. 1.40ට මහනුවරට ළඟාවීමට නියමිතව තිබූ දුම්රිය එහි ළඟා වූයේ සවස 2.30ට පමණය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *