මානසික රෝගියෙක් මගීන් සමග බස් රථයක් පැහැරගෙන යයි!

March 14, 2019 at 12:11 pm | by admin

බසය සුපුරුදු පරිදි ඇල්පිටිය බස් නැවතුමේ නතර කර රියදුරු සහ කොන්දොස්තර තේ පානය සඳහා ගිය අවස්ථාවේ මේ තරුණයා බසය පදවා ගෙන ඇල්පිටිය අලුත්ගම මාර්ගය ඔස්සේ ඉදිරියට පදවා ගෙන ගොස් තිබේ. එහිදී ගාල්ල බලා ධාවනය වීමට නියමිත බසයක ද ගැටී අලාභහානී සිදුව තිබේ.

කිලෝ මීටර් භාගයක් පමණ බසය පදවා ගෙන ගිය අවස්ථාවේ මාර්ගයේ වාහන තදබදයක් හටගැනීම නිසා බසය නතර කිරීමට සිදු වූ අවසරයෙන් වෙනත් රියදුරෙකු ඉදිරිපත් වී ඔහුගෙන් බසය මුදාගෙන තිබේ. මේ තරුණයා පොලිස් අත්අඩංගුවට පත්ව ඇති අතර ඔහු නියාගම ගෝනලගොඩ පදිංචි අයකු බව හෙළිවී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *