මං ළඟ මේකප් දේශපාලනේ නෑ! මම රැවුල කපන්නෙත් නෑ! ලස්සනට ඇඳලා වැඩ කරන්න බෑ! – සජිත් ප්‍රේමදාස

August 31, 2019 at 3:33 pm | by emanisa.lk

තමා ළඟ මේකප් දේශපාලනය නොමැති බවත් ඇතැම් විට රැවුල ද නොකපන බවත් ලස්සනට ඇඳුම් ඇන්ද විට වැඩ කළ නොහැකි බවත් ඇමති සජිත් ප්‍රේමදාස පවසයි.

රත්නපුර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින් අමාත්‍යවරයා වැඩි දුටත් මෙසේ පැවසීය.

“මම සල්ලිවලට යටවෙන්නේ නෑ. කිසිවෙකුගේ ඉත්තෙක් වෙන්නේ නෑ. මාව කාටවත් පාලනය කරන්න බෑ. මට තියෙන්නේ ජනතාවගේ හදගැස්ම. ඒක කුරුඳුවත්තේ හදගැස්ම නොවෙයි.

මම කුරුඳුවත්තට ඉංග්‍රීසි භාෂාවෙන්ම කතා කළා. සමහරු කියනවා ලස්සනට ඇඳුම් අඳින්න කියලා. ලස්සන ඇඳුම් ඇන්දාම වැඩ කරන්න බෑ. මූණේ මහන්සි පාට තියෙන බව කියනවා.

මං ළඟ මේකප් දේශපාලනය නෑ. කොණ්ඩය කළු කරගත්තට සුදුවෙනවා. ඇතැම්විට රැවුල කපන්නෙත් නෑ. හරියට අඳින එකද අවශ්‍ය ජනතාවට වැඩ කරන එකද අවශ්‍යය?”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස