මං ජනාධිපති වෙලා මාස හයෙන් දේශපාලන පළිගැනීම්වලට ලක් වූ අයට යුක්තිය ඉටු කරනවා…! – සජිත්…

March 21, 2021 at 8:04 am | by emanisa.lk

තමන් ජනාධිපති ධූරයට පත් වූ වහාම මුල් මාස හය තුළ සිදුකරන පළමු ක්‍රියාව වන්නේ දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ට සාධාරණය ඉෂ්ට කිරීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

මෙතෙක් කල් දේශපාලන පළිගැනීමට ලක් වූ කණ්ඩායම් බලයට පත්වීමට තම පක්ෂය යොදා ගත් බව ද ඔහු පෙන්වා දෙයි.

එහෙත් බලයට පත් වූ පසු තමන් ද සිටි ආණ්ඩුව ඒවා අමතක කර දැමූ බවත් ඔහු සඳහන් කරයි.

එහෙත් එම ආණ්ඩුවල නායකයා තමා නොවූ බවත් නායකයා ලෙස ගතයුතු තීන්දු තීරණ මොනවා දැයි තමන් දන්නා බවත් සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කරයි.

ජන දුක නිවන විපක්ෂ නායක ජංගම සේවයේ 57 වන වැඩසටහනට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *