මංගල සිය කීර්ති නාමයට හානි කරන චෝදනා ගැන පොලිස්පතිගෙන් විමර්ශනයක් ඉල්ලයි!

February 9, 2019 at 3:04 am | by admin

මාකඳුරේ මධූෂ් නැමැත්තා සමඟ ඩුබායිහිදී අත්අඩංගුවට පත් පුද්ගලයෙකු තමාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු බවටත් තමා ඔහුට රාජ්‍ය තාත්ත්‍රීක ගමන් බලපත්‍රයක් ලබාදී ඇති බවටත් දේශපාලඥයින් පිරිසක් නඟන චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන්නැයි ඉල්ලා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පොලිස්පතිවරයාට පැමිණිල්ලක් කර තිබේ.

වසර 30කට අධික සිය කීර්තිමත් දේශපාලන ජීවිතයට කැළලක් ඇති කිරීම සඳහා මෙම අසත්‍ය ප්‍රචාර කළ මහජන නියෝජිතයන්ට මෙන්ම ඒවා ප්‍රචාරය කළ පෞද්ගලික විද්‍යුත් නාළිකාවලට ද එරෙහිව නීතිමය පියවර ගන්නා බව ද එහි සඳහන් වෙයි. එසේම මදූෂ් සමග සබඳතා පැවැත් වු දේශපාලකයන් සහ ඔහුට නිරුප්‍රදිතව රටින් පළා යාමට ගුවන්තොටුපළ වෙත රැගෙන ගිය මහජන නියෝජිතයන් ගැන විමර්ශනය කරන ලෙස ද එමගින් ඉල්ලා ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *