මංගල සමගි බලෙන් අයින් කළේ රනිල්! හොඳ හොඳ සෙල්ලම් ඉදිරියට බලාගමු! – වජිර

June 11, 2020 at 10:41 am | by emanisa.lk

හිටපු ඇමැති මංගල සමරවීර සමඟි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් අපේක්ෂක ලැයිස්තුවෙන් ඉවත්වීමේ දේශපාලන ක්‍රියාදාමය නිසා සමඟි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් අපේක්ෂක ලැයිස්තුව කඩාකප්පල් වූ බව හිටපු ඇමැති වජිර අබේවර්ධන පවසයි.

ඒ අනුව දකුණු පළාතේම ඔවුන්ගේ ඡන්ද පදනමට එයින් බලපෑමක් වූ බව ද ඔහු සඳහන් කරයි.

මංගල සමරවීර අපේක්ෂකත්වයෙන් ඉවත් කර ගැනීම සඳහා හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ දේශපාලන ක්‍රියාදාමයක් දියත් කළ බවද වජිර අබේවර්ධන පෙන්වා දුන්නේය.

රනිල් වික්‍රමසිංහ ක්‍රියාත්මක කළ ක්‍රියාදාමය අවසන් මොහොත දක්වාම සමඟි ජන බලවේගයේ නායකයන් දැන සිටියේ නැතැයි ද ඉදිරියේ දී තවත් මෙවැනිම වූ දේශපාලන ක්‍රියාන්විත දැක ගැනීමට හැකි වනු ඇතැයි ද වජිර අබේවර්ධන වැඩි දුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස