මංගල දේශපාලනයෙක් සමු ගැනීම ප්‍රකාශයට පත්කරයි! මාතර පෙරළිය නිමයි!

July 8, 2019 at 6:07 pm | by emanisa.lk

මුදල් ඇමති මංගල සමරවීර තම දේශපාලනයෙන් සමුගැනිම ඊයේ (07) සිය උපන් ගම මෙන්ම දේශපාලන බල ප්‍රදේශය වන මාතර දී ප‍්‍රකාශයටට පත් කළේය.

තම දේශපාලන දිවියට වසර 30ක් පිරීම වෙනුවෙන් මෙම උත්සවය සංවිධානය කර තිබූ අතර එහි එම දේශපාලන ජීවිතයේ රසමුසු තැන් අළලා රචිත කෘතියක් ද ප්‍රකාශයට පත් කෙරිණි.

සමහරු තමන් ඊළඟ මැතිවරණයට තරඟ නොකරන බවට බොරු ප්‍රචාර දියත් කළ ද මීළඟ මහා මැතිවරණය තමන් ඡන්දය ඉල්ලන අවසන් මහ මැතිවරණ බවද ඔහු සඳහන් කළේය.

තම වයස දැනට අවුරුදු හැට තුනක් බවක් තව අවුරුදු පහක් දේශපාලනයේ යෙදීම හොඳටම ප‍්‍රමාණවත් බවත් කී ඇමතිවරයා තමන් විශ්‍රාම යායුතු කාලය හැමදෙනාම දැනගතයුතු බවද කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස