මංගල එජාපයෙන් ඉවත් වී ජනපතිට ළංවෙන සැලසුමක්!

January 3, 2020 at 5:39 pm | by emanisa.lk

මාතර දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර එළඹෙන මහා මැතිවරණයේ දී එජාපයෙන් ඉවත් වී ස්වාධීන තරඟ කිරීමට තීන්දු කර තිබේ.

පවතින තත්ත්වය තුළ මාතර එජාප ලැයිස්තුවෙන් ඔහුට පාර්ලිමේන්තුවට පැමිණීමේ ඉඩකඩ අඩු බව ඔවුන්ගේ ගණන් බැලීම වී තිබේ.

මේ නිසා ඔහුගේ සමීපතයන් පවසා ඇත්තේ මේ අවස්ථාවේ මංගල දේශපාලන තීන්දුවක් ගත යුතු බවත් එය ජනාධිපතිවරයාට සමීප වන තීන්දුවක් විය යුතු බවත්ය.

ඒ සඳහා හොඳම මාර්ගය ස්වාධීන තරඟ කර ජයගෙන ජනාධිපතිවරයා ප්‍රමුඛ පොදුජන පෙරමුණට සහාය ලබා දීම බව එහිදී සාකච්ඡා වී තිබේ.

කෙසේ වුවද මෙතෙක් මෙම වැඩපිළිවෙළ පිළිබඳ මංගල සමරවීර සිය පෞද්ගලික මතය ප්‍රකාශ කර නැතැයි ද වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස