මංගල මුදල් ඇමති ධුරයට තබා වාණිජ ආයතනයක සුළු රැකියාවකටවත් සුදුසු නෑ! ඔහුට ආර්ථිකය ගැන කිසිම අවබෝධයක් නෑ!

March 8, 2019 at 12:06 pm | by admin

අයවැය ලේඛනය අනුව, ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව ණය බර දැන් 91% දක්වා වැඩිවී ඇතැයි හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසයි.

2019 වසර සඳහා ඉදිරිපත් කර ඇති අයවැය යෝජනාවලිය සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපතිවරයා වියත්මග කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී මෙම අදහස් පල කළේය.

2014 දී ණය බර තිබුණේ 71% සීමාවේ. “enterprise sri lanka” යනු ණය දීමේ ක්‍රමවේදයකට ලස්සන ආකර්ෂණීය නම් ටිකක් දැමීම පමණයි. මේවා කළ යුත්තේ බැංකුවල වාණිජ අංශ මිස රටේ මුදල් ඇමැතිවරයා නොවේ.

මංගල සමරවීරට අප රටේ ආර්ථිකයේ ප්‍රශ්න පිළිබඳ කිසිම අවබෝධයක් නෑ. රුපියල බාල්දු වෙනවා. සංචිත කඩා වැටෙනවා. පොලී අනුපාතය වැඩි වෙනවා. සේවකයන් දහස් ගණනින් පාරට වැටෙනවා. බඩු මිල අහස උසට යනවා. බැංකු සහ මූල්‍ය ආයතන දැඩි පීඩනයට ලක්වෙනවා.

හැමෝගේම ණය දිනපතාම වැඩි වෙනවා. රජයේ ආයතනවල අර්බුද වැඩිවෙනවා. කිසිම ග්‍රාමීය සංවර්ධනයක් නැහැ. යටිතල පහසුකම් නඩත්තු වෙන්නෙ නැහැ. අලුත් යටිතල පහසුකම් නැහැ. පෞද්ගලික අංශය අධෛර්යමත් වෙලා. කිසිම ආයෝජනයක් කරන්නේ නැහැ. විදේශ ආයෝජකයින් තමන්ගේ සල්ලි අරගෙන යන්න යනවා. රටේ ආර්ථික දිසාව පිළිබඳව කිසිම ඉඟියක් නැහැ. ජනතාවට බදු පිට බදු වැටෙනවා පමණයි වෙන්නේ. ජනතාවගේ පීඩනය ඉවසන්න බැරි තැනකට ඇවිල්ලා.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *