මංගලගේ න්‍යාය පත්‍රය ඉදිරියට ගෙන යාමට කැප වෙනවා…! – හරීන්…

September 25, 2021 at 9:18 am | by emanisa.lk

ශ්‍රී ලාංකීය සමාජ පරිවර්තනයක් සඳහා හිටපු අමාත්‍ය මංගල සමරවීර විසින් ඉදිරිපත්කර ඇති න්‍යාය පත්‍රය පෙරට ගෙනයාමට තමා ද ඇපකැප වන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු පවසයි.

තම පක්ෂයේ තරුණ මන්ත්‍රීවරුන් බහුතරයකගේ මතය ද එය බව අවධාරණය කර සිටින මන්ත්‍රීවරයා, වෙනත් දේශපාලන පක්ෂවල තරුණ ක්‍රියාකාරී ද ඒ පිළිබඳව සුබවාදී ස්ථාවරයක සිටින බව ද කියා සිටියි.

ඔහු එබව සඳහන් කර සිටියේ, මංගල සමරවීර දිවංගතව මාසයක් සපිරෙන ඊයේ (24) දිනයේ NEXTV නාලිකාව විසින් මෙහෙයවූ විශේෂ වැඩසටහනකට එක්වෙමිනි.

මෙම සාකච්ජාවේදී තවදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු, මංගල සමරවීර විසින් යෝජනා කර ඇති පරිදි රට යළි ගොඩනැගීම සඳහා අඩිතාලමක් දැමීමට ඉදිරිපත් කර ඇති මුලික යෝජනා සම්බන්ධයෙන් මෙරට සියලු දේශපාලන පක්ෂ අතර සංවාදයක් ආරම්භවිය යුතු බව ද කියා සිටියි.

විධායක ජනාධිපති ක්‍රමයේ විනාශය පෙන්වා දෙන හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා, ඉදිරි ජනාධිපතිවරණයකට තම පක්ෂයේ වුව ද අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට විරුද්ධ බව කියා සිටියි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බව ඔහුගේ මතයයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *