මංගලගේ ඇරයුම්පත ටැමිල් ගාර්ඩියන් වෙබ් පිටුවේ!

February 11, 2019 at 2:12 am | by admin

අමාත්‍ය මංගල සමරවීරගේ පාර්ලිමේන්තු දේශපාලනයට තිස් වසරක් පිරීම නිමිත්තෙන් පෙබරවාරී 28 වෙනිදා බණ්ඩානායක සම්මන්ත්‍රණ ශාලාවේ උත්සවයක් සංවිධානය කර තිබේ. මෙහි ප්‍රධාන දේශනය පවත්වන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු ඇමරිකානු තානාපතිනිය සමන්තා පවර්ය.

එම උළෙලට අදාළ පුවත්පත්හි පළ වූ ඇරයුම්පත ටැමිල් ගාර්ඩියන් වෙබ් අඩවියේ ද ඇතුළත් කර ඇති අතර මංගල සමරවීර එහි හඳුන්වා ඇත්තේ ජාත්‍යන්තරය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම වෙත ගෙන ආ යෝජනාවට සම අනුග්‍රහය දැක්වූ සමයේ ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යවරයා ලෙසය.

ටැමිල් ගාර්ඩියන් යනු බෙදුම්වාදය වෙනුවෙන් පෙනී සිටින ඊළාම්වාදීන් විසින් මෙහෙයවනු ලබන මාධ්‍ය ජාලයකි. ඒ වෙනුවෙන් පළකළ ටැමිල් ගාර්ඩියන් වාර්තාවේ සමන්තා පවර්ගේ සහභාගීත්වය පිළිබඳ කිසිම දෝෂාරෝපණයක් නොකිරීම ද  විශේෂත්වයකි. (ටැමිල් ගාර්ඩියන් ලිපිය මෙන්න.)

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *