අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ.
ඒ අනුව, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 12කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 332කි.
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 2කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 377කි.
සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 307කි.
එමෙන් ම, ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 3කින් පහළ දමා ඇති අතර එහි මිල රුපියල් 352කි.
භූමිතෙල් මිලෙහි කිසිදු වෙනසක් සිදු වී නොමැති අතර එහි මිල රුපියල් 202කි.