භූමදාන ආදාහන අර්බුදය: මා කීවේ සෞඛ්‍ය බලධාරීන් කියන දේමයි…! – අගමැති

February 20, 2021 at 5:37 pm | by emanisa.lk

කොරෝනා මෘතදේහ භූමදානය කළ හැකි යැයි තමන් ප්‍රකාශ කළේ සෞඛ්‍ය අමාත්‍යාංශය පත් කළ විද්වත් කමිටුවේ නිර්දේශවලට අනුකූලව බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසයි.

එම විද්වත් කමිටු සභාපතිනි ආචාර්ය ජෙනිෆර් පෙරේරා පවසන ආකාරයට කොරෝනා මෘතදේහ භූමදානයටත් ආදාහනයටත් දෙකට ම අවසර ලබා දී ඇතැයි වාර්තා වෙයි.

එය තහවුරු කළ අගමැතිවරයා මෘතදේහ භූමදානය කිරීමට කැමැති කෙනකුට එයට හැකියාව තිබෙන බව තමන් කළ ප්‍රකාශයේ අර්ථය බව පැවසීය.

එහෙත් එය හිතුමතේ කළ නොහැකි බවත් මෙම නිර්දේශය ලබාදුන් සෞඛ්‍ය බලධරයන්ම එය සිදුකළ යුතු ආකාරය ගැන අදාළ රෙගුලාසි සම්පාදනය කළ යුතු යැයි ද අගමැතිවරයා වැඩි දුරටත් සඳහන් කළේ ය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස