භූමදානය ගැන අගමැති කීවේ එතුමගේ පෞද්ගලික මතය….! – ගම්මන්පිල…

February 17, 2021 at 6:25 am | by emanisa.lk

කොවිඩ් ආසාදිත මරණ භූමදානය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළේ එතුමාගේ අදහස බවත් ඒ සම්බන්ධයෙන් තීරණ ගත හැක්කේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයාට පමණක් බවත් සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (16) පැවති කැබිනට් මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදීයකු ඇසූ ප්‍රශනය කට පිළිතුරු දෙමිනි.

“අගමැතිවරයා එතුමාගේ අභිලාෂය ප්‍රකාශ කළා. භූමදානයට ඉඩදෙන්නැයි එතුමාගේ කැමැත්ත ප්‍රකාශ කළා.
නමුත් ජනපතිවරයාටවත්, අගමැතිවරයාටවත්, ඇමැති මණ්ඩලයටවත් මේකට හරි පිළිතුරක් දෙන්න බැහැ.

මෙහි නිසි බලධරයා වන්නේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයායි. ඔහුගේ තාක්ෂණික නිර්දේශය ගැසට් මගින් නිවේදනය කළ යුතුයි.”

 

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *