භික්ෂූණීන් වහන්සේ 8000කට ඡන්ද අයිතිය අහිමි වෙයි! බලධාරීන් ව්‍යවස්ථාව කඩමින් මර නින්දේ!

November 6, 2019 at 5:26 pm | by emanisa.lk

භික්ෂුණින් වහන්සේලාට ජාතික හැඳුනුම්පත් ලබාදෙන වැඩපිළිවෙළක් නැති නිසා භික්ෂුණින් වහන්සේලා 8000 ක් පමණ සිය ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොලැබී යනු ඇතැයි රංගිරි දඹුළු රජ මහා විහාර සංඝ සභාවේ ලේඛකාධිකාරී දානියගම ආනන්ද හිමියෝ පැවසූහ.

ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගේ විරෝධය නිසා ශ්‍රී ලංකාවේ භික්ෂුණීන් වහන්සේ වෙත ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම නවතා දැමීමෙන් මෙම තත්ත්වය උද්ගතව ඇතැයි එහිමියෝ පැවසූහ.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමටත් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවටත් ත්‍රෛනිකායික මහානාහිමිවරුන්ටත් මේ ගැන පැමිණිලි කළ නමුත් මේ වනතුරු ඊට විසඳුමක් ලැබී නැතැයි ද උන් වහන්සේ සඳහන් කළහ.

රංගිරි දඹුළු රජ මහා විහාර සංඝ සභාව මෙම කරුණට අදාළව 2009 වසරරේදී කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් 2015 අගෝස්තු මස තීන්දුවක් ප්‍රකාශයට පත්කළ ශ්‍රී ලංකා ජාතික මානව හිමිකම් කොමිෂන් සභාව, භික්ෂූණී ශාසනය පුනර්ජීවනය කිරීමට පියවර නොගැනීම මගින් බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලේකම්වරයා සහ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇතැයි තීන්දු කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස