භාණ්ඩ මිල වේගයෙන් ඉහළට..! ලංකාව අධි උද්ධමනයක් අභියස…!

October 13, 2021 at 8:10 am | by emanisa.lk

භාණ්ඩ මිල පාලනය කිරීම සඳහා නිකුත් කර තිබූ ගැසට් නිවේදන අත්හිටුවමින් භාණ්ඩ මිල වෙළඳපොළ මත තීරණය වීමට ඉඩ හැරීම සමග මෙතෙක් පැවැති පීඩනය මුදා හරිමින් භාණ්ඩ මිල ඉහළ ගිය බව ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති, ආචාර්ය ඩබ්.ඒ. විජේවර්ධන පවසයි.

ගැසට් මගින් සිර කරගෙන තිබූ භාණ්ඩ මිල නිදහස් වීම මත ඒවායේ මිල ගණන් වෙළෙඳපොළ මත නිරූපණ වෙමින් ඇති බවත් එම මිල පාලනය කිරීම සඳහා මහ බැංකුව දිගින් දිගටම මුදල් නෝට්ටු මුද්‍රණය කළහොත් සදාකාලික අධි උද්ධමන තත්ත්වයක් ඇති වනු ඇති බවත් ඔහු පැවසීය.

මෙරට භාණ්ඩ මිල වේගයෙන් ඉහළ යාම සම්බන්ධයෙන් කළ විමසීමක දී ඔහු මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *