භාණ්ඩ මිල ඉහළ යන්නේ සල්ලි අච්චු ගහන නිසා නෙමෙයි…! – මහ බැංකු අධිපති…

October 14, 2021 at 10:48 pm | by emanisa.lk

භාණ්ඩ මිල ඉහළ යාම සහ මුදල් අච්චු ගැසීම අතර සම්බන්ධයක් නොමැති බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසයි.

මේ වන විට මිල ඉහළ ගොස් ඇත්තේ ගෑස්, කිරිපිටි සහ ඛණිජ තෙල් බවත් මහ බැංකු අධිපතිවරයා පෙන්වා දෙයි.

එයට හේතුව මුදල් අච්චු ගැසීම නොව එම භාණ්ඩ සැපයුම් අංශයේ උද්ගතව ඇති යම් යම් හේතු නිසා බව අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රකාශ කරයි.

අද (14) මහ බැංකුවේ පැවැති මාධ්‍ය හමුවක දී මහ බැංකු අධිපතිවරයා මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *