භයානක සිරකරුවන් පිරිසක් සයනයිට් ප්‍රහාරයක් එල්ල කර බන්ධනාගාරයෙන් පළායාමට කළ සැලසුමක් හෙළිවෙයි!

April 14, 2019 at 4:10 pm | by admin

වෙලේ සුදා, කුඩු සියාම් ඇතුළු මත්ද්‍රව්‍ය මාෆියාවේ ඉහළින්ම ජාවාරම්කරුවන් පිරිසක් මුදාගැනීමේ රහසිගත මෙහෙයුමක් අනාවරණය වී තිබේ. ඒ සඳහා රැගෙන ආ සයනයිඩ් කුප්පි දෙකක් බන්ධනාගාර බුද්ධි අංශය හා බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසය එක්ව කළ රහසිගත මෙහෙයුමකින් පසුගිය සඳුදා (08) රාත්‍රියේදී සොයාගෙන තිබේ.

එසේම මෙම ප්‍රහාරය සඳහා බේබි බ්‍රවුනින් වර්ගයේ පිස්තෝලයක් හා පිටතට වෙඩි ශබ්ද නොඇසෙන සයිලන්සර් යෙදූ නවීන අවි දෙකක් ද යොදා ගැනීමට සැලසුම් කර ඇත. යුධ පරිහරණයට හිරේ සිටින කමාන්ඩෝ, එස්.එෆ්. පුහුණුව ලත් කණ්ඩායම් යොදවන්නට සිටි බවටත් සැක පහළ වී ඇත.

සයිලන්සර් යෙදූ නවීන අවි දෙකක් වනාතමුල්ලෙන් බන්ධනාගාරයේ පසුපස දොරටුව පිහිටි බන්ධනාගාර ක්‍රීඩාංගණයේ රහසිගතව සඟවා ඇතැයිද බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී ඇත.

ජනාධිපතිවරයා විසින් මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරන්නට පෙර බන්ධනාගාර නිලධාරීන්ට සයනයිඩ් එන්නත් කර මෙම ආයුධ ද යොදා ගෙන ප්‍රහාරයක් එල්ල කර මෙම භයානක අපරාධකරුවන් මුදාගැනීමට සැලසුම් කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස