සිනොෆාම් කොවිඩ් මෙල්ල කරයි…! භයානක ඩෙල්ටා සහ බීටාත් මට්ටුයි …! – පරීක්ෂණ මගින් තහවුරුයි….

July 20, 2021 at 10:54 am | by emanisa.lk

සිනොෆාම් කොවිඩ් මර්දන එන්නත ලබාගත් අයගෙන් සියයට 95ගේ සිරුරු තුළ ප්‍රතිදේහ ගොඩනැගෙන බවට මෙරට දී සිදුකරන ලද පර්යේෂණයකින් අනාවරණය වී තිබේ.

එමෙන්ම එය ඩෙල්ටා සහ බීටා කොවිඩ් වෛරස ප්‍රභේදයන්ට එරෙහිව ඉතා හොඳ හොඳින් ක්‍රියාකරමින් ආරක්ෂාවක් ලබාදෙන බවත් එහි දී හෙළි වී තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිදුකළ පර්යේෂණයකින් මේ බව සොයා ගෙන තිබේ.

එම විශ්වවිද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ හා වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මේ බව පවස ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *