භයංකර කොවිඩ් සුනාමිය හමුවේ ශ්‍රී ලංකා දණ නොගසයි…! අපනයන ආදායමේ 33%ක දැවැන්ත පිබිදීමක්…!

June 23, 2021 at 9:21 pm | by emanisa.lk

කොවිඩ් වසංගතය මධ්‍යයේ වුව ද පසුගිය වසරේ මුල් මාස 05ට සාපේක්ෂව මේ වසරේ මුල් මාස පහේ අපනයන ආදායම සියයට 33ක වර්ධනයක් අත්පත්කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී තිබේ.

කොවිඩ් වසංගතයේ බලපෑමක් නොතිබූ, 2019 ජනවාරි සිට මැයි දක්වා කාලසීමාව තුළ ශ්‍රී ලංකාව උපයා ගෙන ඇති අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 4845.72කි.

කොවිඩ් වසංගත තත්ත්වය සමඟ පැන වූ දැඩි සංචරණ සීමා සහ ඇඳිරි නීතිය මධ්‍යයේ 2020 වසරේ මුල් මාස 05ක කාලසීමාව තුළ ශ්‍රී ලංකාව අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 3456.32ක දක්වා පහත වැටිණි.

කෙසේ වෙතත් 2021 වසරේ පළමු මාස 05 දී 2020 මුල් මාස 05ට සාපේක්ෂව අපනයන ආදායමේ සියයට 32.61%ක සාධනීය වර්ධනයක් පෙන්නුම් කරමින් අමෙරිකානු ඩොලර් මිලියන 4583.56ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කොවිඩ් තුන්වන රැල්ලට එරෙහිව සටන් කරමින් සිටියත්, වෙළෙඳ නිෂ්පාදන අපනයනය හරහා 2021 වසරේ මැයි මාසයේ දී පමණක් ශ්‍රී ලංකාව අමෙරිකානු ඩොලර් මිලියන 884.2ක ආදායමක් උපයා ගෙන ඇති අතර එය පසුගිය වසරේ මැයි මාසයේදී ලැබූ අපනයන ආදායමට සාපේක්ෂව සියයට 50.71ක වර්ධනයක් වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස