මහින්ද රාජපක්ෂ නතර කළ සැනින් සංවර්ධන කටයුතු ආරම්භ කර ශ්‍රී ලංකාව ආසියාවේ දියුණුම රට බවට පත් කිරීම සිය අරමුණ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි.
ඊයේ (28 දා) පස්වරුවේ කරන්දෙණිය නගරයේ දී පැවැති ජනහමුවක දී හෙතෙම මේ බව පැවසීය.
“මැතිවරණයක් එනවිට වරදාන, වරප්‍රසාද අපේක්ෂාවෙන් තමන්ගේ පාට මාරුකරන දේශපාලන සංස්කෘතියෙන් අපි ඈත් වෙන්න ඕන. අපේ නූතන පරම්පරාවේ දේශපාලන බලවේගයක් විදියට අලුත් දේශපාලන සංස්කෘතියට හුරු කළ යුතු වෙනවා. ඒ වගකීමත් අපිට තිබෙනවා. ගාල්ල දිස්ත්‍රික්කයේ මන්ත්‍රී කණ්ඩායම ප්‍රතිපත්තිගරුක දේශපාලනයක නිරත වනවා. අපිට අවශ්‍ය ජනතාවටත් අපේ පාක්ෂිකයන්ටත් උදව් කරන්නයි. මහින්ද රාජපක්ෂ යුගයේ මේ රටට සීග්‍ර සංවර්ධනයක් උදාකර දුන්නා. ලංකා ඉතිහාසයේ වැඩිම සංවර්ධනයක් වුණේ මහින්ද රාජපක්ෂ යුගයේ දී. 2015 දී එය නතර වුණා.
අපිට අවශ්‍ය ඒ සංවර්ධනය නැවත රටට ගේන්නයි. පසුගිය කාලවල මේ ආසනය ඉතාම දුෂ්කර තත්ත්වයෙන් පැවතියා. නමුත් ඒවා පරිවර්තනය වෙලා අද දියුණු ආසනයක් බවට පත්වෙලා තිබෙනවා. අවාසනාවකට 2015 දී එම සංවර්ධනය නතර වුණා ද නතර කළා ද අපි දන්නේ නෑ. මහින්ද රාජපක්ෂ මහතා නතර කළ තැනින් සංවර්ධන කටයුතු ඉදිරියට රැගෙන යන්නත් මේ රට දියුණු රටක් බවට පත් කරන වගකීමත් අපට තිබෙනවා. ඒ වගකීම මා භාරගන්නවා. මට අවශ්‍ය මේ රට ආසියාවේ දියුණුම රට බවට පත් කරන්නයි.
මේ දෙමව්පියන්ගේ දරුවන් අධ්‍යාපන සුදුසුකම්වලට ගැලපෙන තමන් අපේක්ෂා කරන රැකියාවන් සඳහා යොමු කිරීම අවශ්‍ය වෙනවා. ඒක වෘත්තීය පුහුණුව, කාර්මික පුහුණුව නිපුණතාවය වෙන්න පුළුවන්. දේශපාලඥයන් පසුපස ගොස් රැකියා ලබාගන්නා ක්‍රමවේදය අපි වෙනස් කරනවා. රාජ්‍ය සේවකයාගේ රැකියාව ගන්නා අවස්ථාවේ සිට ස්ථාන මාරුව දක්වා මන්ත්‍රීවරුන්ගේ ඇමතිවරුන්ගේ පසුපස ගොස් කරගන්නවා. ඇයි අපට බැරි ඒ යුගය වෙනස් කරන්න. ඒ සම්ප්‍රදාය අපි වෙනස් කරනවා. රාජ්‍ය සේවයේ ගෞරවය ආරක්ෂා කරනවා.
පොලිස් නිලධාරියාගේ හමුදා නිලධාරියාගේ ගෞරවය අපි රැකිය යුතු වෙනවා. රාජ්‍ය සේවයේ මාරුවීම් ක්‍රමවේදය ස්වාධීනව කළ යුතුයි. ඒ වගේම වැටුප් විෂමතාවන් පවතින්නේ නම් ඒවාද නිවැරදි කළ යුතු වෙනවා. ඒ සඳහා අවශ්‍ය දේශපාලන නායකත්වය ලබාදීමට අපි කටයුතු කරනවා. බඳවා ගැනීමේ ක්‍රමවේදය අපි අලුත් කරනවා. රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ දී දේශපාලන මැදිහත්වීම වෙනුවට ආයතනයට අවශ්‍ය ප්‍රමාණය බඳවාගන්න පියවර ගන්නවා. අද වනවිට අවුරුදු කිහිපයකදී රාජ්‍ය සේවයට නිසි පරිදි බඳවා ගැනීම සිදුවී නෑ.
ඒ වගේම අපි මේ රටට ආයෝජන ගේනවා. ආයෝජකයන්ට ආයෝජනය කිරීමට හැකි පරිසරයක් නිර්මාණය කරනවා. අද වනවිට රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කළත් බදු අය කිරීම මගින් එම වැටුප් කපා ගන්නවා. දේශපාලන වේදිකාවේදී වැටුප් වැඩි කරනවා. බද්දක් අය කිරීමෙන් එම වැටුප නැවත කපා ගන්නවා. මේකෙන් කවුද අපි රවට්ටන්නේ. බදු ආදායම වැඩි කළා කියා අපි කාටද පෙන්වන්නේ? ඒ නිසා මේ සංස්කෘතිය වෙනස් කළයුතු වෙනවා. සමස්ත ආර්ථිකය වර්ධනය කළහැකි දැවැන්ත වැඩපිළිවෙළක් සමඟ අපි ඉදිරියට ගමන් කළයුතු වෙනවා.
අපි මේ රට ගොඩනගනවා වගේම, ජනතාව ආරක්ෂා කරනවා වගේම මේ රටේ අනාගත පරම්පරාව අපේක්ෂිත දියුණු ලෝකයක් ගොඩනගන්න අපි අපේ දේශපාලන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනවා. දේශීය ව්‍යාපාරිකයන් අපි රැකිය යුතු වෙනවා. ඇතැම් නායකයෝ හිතනවා විදේශ රටවලින් ගෙනල්ලා කන්න දෙන එක පහසුයි කියලා. අවංකවම අපි සිතනවා මේ රටේ ව්‍යාපාරිකයා ආරක්ෂා කළ යුතුයි කියලා. ගමේ ව්‍යාපාරය කරන ව්‍යාපාරිකයාගෙන් තමයි මේ රටේ ආර්ථිකය දුවන්නේ. ඒ අයගෙන් අසීමිත ලෙස බදු අයකළා කියා රට දියුණු කරන්න බැහැ. බදු ප්‍රමාණය දරාගන්න හැකි ප්‍රමාණයකට පරිවර්තනය කළයුතු වෙනවා.
අධ්‍යාපන ක්‍රමවේදයේ වෙනස්කම් වෙන්න ඕන. ලෝක රැකියා වෙළෙඳපොළට සරිලන ආකාරයට අපේ රටේ අධ්‍යාපන ක්‍රමවේදය වෙනස් කරනවා. අවුරුදු දහයකට පහළොවකට විස්සකට හරි යන විදිහට ඊළඟ අවුරුදු පහේ දහයේ රැකියා නිර්මාණය වන ආකාරයට අපේ රටේ තරුණ පරපුර නිර්මාණය කළ යුතු වෙනවා. ඒ වැඩ පිළිවෙළ තුළ මේ රටට තිරසාර ආර්ථික සංවර්ධනයක් ළඟා කරගන්න පුළුවන්. එහෙම නැතුව ජාත්‍යන්තර සංවිධානයක් කියන විදිහට බදු ගැසීමෙන් මේ රටේ දියුණුවක් අපේක්ෂා කරන්න බෑ.
හම්බන්තොට වරායට කළ දේ අපි දැක්කා. රාජ්‍ය ආයතන කුණු කොල්ලෙට විකුණපු ආකාරය සහ රටේ ආර්ථිකය ස්ථාවර නොවූ ආකාරය අපි දැක්කා. අපි මේ රටට ද්‍රෝහිකම් කරන්නේ නෑ. අපි මේ රටට ආදරේ කරන දේශපාලන බලවේගයක්. අපි මව්බිමට ආදරය කරන දේශපාලන බලවේගයක්. ඒ නිසා අපි බය නැතුව කියනවා මේ රට බෙදන්න ඉඩ තියන්නේ නෑ කියලා. ඒ වගකීම අපට තිබෙනවා.
අද ජනාධිපතිවරණය දෙස බැලුවම හැම අපේක්ෂකයෙක්ම ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශන එක හා සමානයි. හැම කෙනාම බලය බෙදීම කියන කාරණය මූලික කොටගෙන කටයුතු කරනවා. සමහර අණපනත් අපේ සංස්කෘතියට මුළුමනින්ම ගැලපෙන්නේ නෑ. ඒ නිසා බෞද්ධ සංස්කෘතිය කේන්ද්‍ර වූ මේ රටේ සංස්කෘතියට නොගැලපෙන කිසිදු නීතියක් සම්මත කරන්න අප ඉඩ දෙන්නේ නෑ.