බෞද්ධ මහ ඇමතිගෙන් ශ්‍රී රාහුල නම රැක ගන්න අසාද් සාලි පෙරට එයි!

April 6, 2019 at 3:33 pm | by admin

 

මාදිවෙල රාහුල විද්‍යාලය ඉසුර විද්‍යාලය ලෙස නම වෙනස් කිරීම සම්බන්ධයෙන් පළ වන අප්‍රසාදය පිළිබදව කරුණු විමර්ශනය කර ජනාධිපතිවරයාට වාර්තා කරන බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි පවසයි.

 අසාද් සාලි සඳහන් කළේ, වෙනත් පුද්ගලයෙකුගේ නමින් පාසල් විවෘත කිරීම අත්හිටුවමින් චක්‍රලේඛයක් නිකුත් කිරීමට තමා අධ්‍යාපන ලේකම්වරයාට උපදෙස් දුන් බවය.

ශ්‍රී රාහුල හිමි වැනි ශ්‍රේෂ්ඨ හිමි නමකගේ නම ඉවත් කොට ඊට දේශපාලනඥයෙකුගේ නමක් යෙදීම සදාචාර සම්පන්න නොවන බව ආණ්ඩුකාරවරයා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ, ජනාධිපතිවරයාගේ ද අනුමැතියකින් තොරව මෙලෙස රාහුල විද්‍යාලය ඉසුර විද්‍යාලය ලෙස නම් කර ඇති බව ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *