බෞද්ධ කතෝලික ගැටුමක් අරඹා රට අලුත් වටයකින් අවුළන්න ඇමරිකාවෙන් එවූ ලිපි සමූහයක් අල්ලයි!

May 15, 2019 at 11:27 am | by admin

බෞද්ධ හා කතෝලික ආගමික කොටස් අතර ගැටුම් ඇති කිරීම සඳහා බුද්ධාගමට අපහාස ප්‍රකාශ ඇතුළත් කර සැකසූ ලිපි ගණනාවක් කොටුව මධ්‍යම තැපැල් හුවමාරුවේ දී පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

නිව්යෝක් නුවර සිට එවා ඇති මෙම ලිපි කොළඹ සහ මීගමුව ප්‍රදේශවල විහාරස්ථානවලට යොමු කර ඇති අතර මේ ආකාරයේ ලිපි 21 අත්අඩංගුවට ගෙන තිබේ.

එම ලිපි එවන පුද්ගලයාගේ කිසිදු ඇඟිලි සලකුණක් හෝ සටහන්ව නොතිබීම විශේෂත්වයක් බව ද ඒවා එවූ අය ඒ තරම් සූක්ෂම වී ඇති බවද පොලිසිය සඳහන් කරයි.

  •   
  •   


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස