බෞද්ධයෝ දිනාගන්න ගම්මට්ටමින් වැඩ පටන් ගත්තා! ජනාධිපතිවරණයට වඩා මහ ඡන්දෙදි එජාප ඡන්ද වැඩිවෙයි! – ජේ.සී. අලවතුවල

December 1, 2019 at 10:03 am | by emanisalk

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ එක්සත් ජාතික පක්ෂයට ලැබෙන ඡන්ද ප්‍රමාණය ජනාධිපතිවරණයට වඩා වැඩිවනු ඇති බවට අපේක්ෂා කරන බව එක්සත් ජාතික පක්ෂ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල පවසයි.

ඒ සඳහා පසුගිය ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් ගිලිහී ගිය බෞද්ධ ඡන්ද පදනම නැවත ලබාගැනීම සඳහා ගම් මට්ටමින් වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති අතර පක්ෂ නායකත්වයට අලුත් මුහුණක් අවශ්‍ය බවට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් බහුතරයක් බලාපොරොත්තු වන බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඕනෑම මොහොතක විපක්ෂ නායක ධූරය සඳහා තරුණ නායකත්වයක් පත් කිරීමේ කැමැත්තෙන් පසුවන බවද ඉදිරි මහ මැතිවරණයට පෙර පක්ෂ නායකත්වයේ වෙනසක් සිදුවනු ඇති බවද අලවතුවල වැඩිදුරටත් කීය.

  •   
  •   


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස