බෞද්ධයින් මිත්‍යාදෘෂ්ටියෙන් ගලවා ගන්න සැබෑ බෞද්ධ මංගල පොතක් ලියයි…!

July 31, 2021 at 11:06 pm | by emanisa.lk

තමන් විසින් මේ දිනවල බෞද්ධයන් වෙනුවෙන් “සැබෑ බෞද්ධයකුගේ විලාපය” නමින් පොතක් රචනා කරමින් සිටින බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසයි

මෙරට ක්‍රියාත්මක වන්නේ සැබෑ බෞද්ධ දර්ශනය නොව මිත්‍යාදෘෂ්ටිවාදයක් බවත් තමන් ඉදිරියටත් එම මිත්‍යාවට පහර දෙන බවත් හිටපු ඇමැතිවරයා අවධාරණය කරයි.

තමන් බෞද්ධ විරෝධියකු ලෙස බොහෝ දෙනා පැවසුවත් තමන් සැබෑ බෞද්ධයකු බව ඔහු සඳහන් කරයි.

පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ එවක මුදල් අමාත්‍ය මංගල සමරවීරට පන්සල් වෙත පැමිණීම තහනම් කිරීමට පවා භික්ෂූන් වහන්සේලා කටයුතු කළහ.

ශ්‍රී ලංකාව බෞද්ධ රටක් නොවන බවත් චීවරදාරීන් බෞද්ධ දර්ශනය ආගමක් කරගෙන එය විකුණා ගෙන කන බවට දැඩි ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදු කිරීම එයට හේතු විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *