බෝරා සමුළුවට පැමිණි 90%ක් තවමත් ලංකාවේ!

September 11, 2019 at 9:00 am | by emanisa.lk

බම්බලපිටියේ පැවැති බෝරා සමුළුව ඊයේ (10) අවසන් වුවද පැමිණි පිරිසෙන් 90% කට ආසන්න පිරිසක් ශ‍්‍රී ලංකාව තුළ තවමත් ඇතැයි වාර්තා වෙයි.

බෝරා ප‍්‍රජාවේ මෙරට නියෝජිතයෙකු ප‍්‍රකාශ කළේ සමුළුවට පැමිණි 10%ක් පමණ යළි සිය රටවලට ගොස් ඇත.

සෙසු පිරිස ශ‍්‍රී ලංකාවේ සංචාරය කරන බවත්, වැදගත් ස්ථාන නැරඹීම ඔවුන්ගේ අරමුණ බවත්, මෙහිදී ප‍්‍රකාශ විය. බෝරා සමුළුවට පැමිණෙන විදේශිකයින්ගෙන් සියයට 50 ක් පමණ ශ‍්‍රී ලංකාවට පැමිණීයේම සංචාරය කිරීම ද අරමුණක් කර ගනිමින් බව ද වාර්තා වෙයි.
මෙරට සිටින සිය ඥාතීන් හමුවීම ද අරමුණක් කර ගනිමින් තවත් 10%ක පිරිසක් ශ‍්‍රී ලංකවේ නතර ඇත.

කෙසේ වෙතත් සියලු විදේශිකයින් ඉදිරි සතිය තුළ යළි සිය රටවල් බලා යනු ඇති බව ද වාර්තා වෙයි.

රටවල් 40 ක පමණ ආධ්‍යාත්මික නායකයින් ඇතුළු 27,500 කට අධික පිරිසක් දින 10ක් පුරා පැවති බෝරා සමුළුවට සහභාගී වූහ. මෙම සමුළුව මගින් ශ‍්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 35 කට අධික විදේශ විනිමයක් හිමිවවන බවට ද ගණනය කර ඇත.

මේ අතර සමුළුවට පැමිණි සියලු විදේශිකයන් නැවත සිය රටවලට යයි ද යන්න පිළිබඳ සැකයක් ඇතැයි ඇතැම් පාර්ශව අනතුරු අඟවා තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස