බෝඩ් ගහං උඩ පැන්නට වැඩක් නෑ…! එජනිස නියම මහ ලේකම් මමයි…! – අමරවීර…

September 5, 2023 at 12:03 pm | by emanisa.lk

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නීත්‍යානුකූල මහලේකම්වරයා තමන් බවත් නීත්‍යානුකූලව මහලේකම් කවුරුන්ද යන්න නුදුරු අනාගතයේ දී අධිකරණය විසින් තීන්දු කරනු ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

සමහරුන් බෝඩ් ගහගෙන මාධ්‍ය සාකච්ඡා පැවැත්වුව ද ඔවුන්ට නීත්‍යානුකුල අයිතියක් නැතැයි කී අමාත්‍යවරයා, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ලෙස දැන් කටයුතු කරන පුද්ගලයා පිළිනොගන්නා බව මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කර ඇතැයි ද කීය.

ඒ නිසා එම පුද්ගලයාට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ලෙස පෙනී සිටින්නට සදාචාරාත්මක හෝ නීත්‍යානුකූල අයිතියක් නැතැයි අමාත්‍යවරයා සඳහන් කළේය.

කෘෂිකර්ම අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍ය මහින්ද අමරවීර මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *