බොලිවුඩ් තරු ලංකාවට පැමිණි යුගය අවසන්…! යොහානි බොලිවුඩ් යයි…! දැවැන්ත සංගීත ප්‍රසංග දෙකක් සූදානම්…!

September 22, 2021 at 9:07 am | by emanisa.lk

‘මැණිකේ මගේ හිතේ’ ප්‍රති-නිර්මාණ ගීතය ගැයීම නිසා ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයකම අතිශය ජනප්‍රිය වූ මෙරට නව පරපුරේ ගායිකාවක් වන යොහානි ද සිල්වා ඉන්දියාවේ ප්‍රසංග දෙකක් පැවත්වීමට නියමිතව ඇත.

ඒ අනුව ලබන 30 වැනිදා සහ ඔක්තෝබර් 3 යන දිනවල ඉන්දියාවේ නවදිල්ලියේ ගුරුග්‍රෑම් සහ හයිද්‍රාබාද්හි තම සංගීත ප්‍රසංගයක් පැවැත්වෙන බව යොහානි ද සිල්වා සඳහන් කරයි.

සැම විට ම ඉන්දියාවේ ප්‍රසංගයක් පැවැත්වීමට තමාට අවශ්‍ය වූ බවත්, අවසානයේ එය සිදු වූවා යැයි තමාට විශ්වාස කළ නොහැකි බවත් ඇය වැඩිදුරටත් සඳහන් කරයි.

ඉන්දියාවේ ප්‍රකට ජනමාධ්‍ය ආයතනයක් වන සී ලයිව් ඉන්ඩියා හා සූපර් මූන් යන ආයතන යොහානිගේ මෙම සංගීත ප්‍රසංග දෙක සංවිධානය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස